මධ්‍යම පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයට මංගලිකා දිසානායක මහත්මිය පත්කෙරේ
මධ්‍යම පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයට මංගලිකා දිසානායක මහත්මිය පත්කෙරේ
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියකු වන ඩී.එම්.එම්.පී. දිසානායක මහත්මිය මධ්‍යම පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ලෙස පත් කෙරේ.ඊට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් (28) දින පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී පිරිනැමීම සිදු කෙරිණි.මධ්‍යම පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට පෙර දිසානායක මහත්මිය වලපනේ කලාප අධ්‍යාපන කාර්යාලයේ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළාය.ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ වසර දාහතක පමණ සේවා පළපුරුද්දක් ඇති නිළධාරිනියක් වන දිසානායක මහත්මිය වලපනේ කලාප අධ්‍යාපන කාර්යාලයේ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලබමින් රාජ්‍ය සේවයට එක්වී පසුව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විද්‍යා විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස ද කලක් කටයුතු කර ඇත.මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාපනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමී හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ද එක්වූහ.
