මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ධුරයට සී. එම්. එස්. දිසානායක මහත්මිය පත්කෙරේ
මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ධුරයට සී. එම්. එස්. දිසානායක මහත්මිය පත්කෙරේ....
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ 1 වන ශ්‍රේණියේ නිලධාරිනියක වන සී. එම්. එස්. දිසානායක මහත්මිය මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂවරිය ලෙස පත් කෙරේ.එම තනතුරට අදාළව වැඩ භාරගැනීම (07) සුභ මොහොතින් මධ්‍යම පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ආගමික වතාවත් වලින් අනතුරුව සිදුවිය. සී. එම්. එස්. දිසානායක මහත්මිය මහනුවර මහ නගර සභාවේ කර්මාන්ත ඉංජිනේරු ලෙස සේවය කොට ඇති අතර ඉන් අනතුරුව මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ව්‍යුහ ඉංජිනේරු ලෙසත් මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් ඉංජිනේරු ලෙසත් මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (අධ්‍යාපන ගොඩනැගිලි) ලෙසත් ප්‍රධාන ඉංජිනේරු (අධ්‍යාපන ගොඩනැගිලි) ලෙසත් සේවය කොට ඇත. සී. එම්. එස්. දිසානායක මහත්මිය මධ්‍යම පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට පෙර මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළාය.සී. එම්. එස්. දිසානායක මහත්මිය මහනුවර මහාමාය විද්‍යාලයෙන් ආදී ශිෂ්‍යාවක් වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධිධාරිනියකි.
