මැදරට පළාත් පාලන ආයතන තරග ජයග්‍රාහකයින්  ඇගයේ

මැදරට පළාත් පාලන ආයතන තරග ජයග්‍රාහකයින් ඇගයේ

මැදරට පළාත් පාලන ආයතන තරග ජයග්‍රාහකයින් ඇගයේ...... 2025 වර්ෂයේ මධ්‍යම පළා‌තේ පළාත් පාලන ආයතන අතර පවත්වන ලද මහජන පුස්තකාල පාඨක ක්‍රියාකාරකම් තරග, නගර අලංකරණය සහ මහජන සේවා ඩිජිටල්කරණය කිරීම යන වැඩසටහන්වල ජයග්‍රාහකයන්‌ වෙත සහතිකපත් ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ, මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගිය (08) දින පැවැත්විණි.මධ්‍යම පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් පළා‌තේ පළාත් පාලන ආයතන සමඟ එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි. මහජන පුස්තකාල පාඨක ක්‍රියාකාරකම් තරග වැඩසටහන පළාතේ සියලුම පළාත් පාලන ආයතන මහජන පුස්තකාල සහ පුස්තකාල පාඨක සමාජ සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කර තිබේ. මීට සමගාමීව පළාත් ආයතන අතර පවත්වන ලද නගර අලංකරණ වැඩසටහනේ සහ පළාත් පාලනය මහජන සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනේ ඉහළ සාධන මට්ටමක් පෙන්නුම් කළ පළාත් පාලන ආයතන ඇගයීම සිදු විය.මෙහිදි තරග දක්ෂතා දැක්වූ තෝරාගත් දරු දැරියන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සළසා දි තිබිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන ආයතන ප්‍රධානීන්, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ‌ප්‍රේමසිංහ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, නියෝජ්‍ය ප්‍රධාන ලෙකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට, පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ඒ.ජි. මුදියන්සේ, පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ආර්. තිලගේස්වරි යන මහත්ම මහත්මීන්, පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්, ලේකම්වරුන්, නිලධාරින්, තරග ජයග්‍රාහකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook