නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ සියවස් සැමරුම
නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ සියවස් සැමරුම
වර්ෂ 1926 දී ආරම්භ කොට ඇති නුවරඑළිය ගාමිණි ජාතික පාසලට වසර 100 ක් පිරීම නිමිත්තෙන් 'සියවසක අභිමන්' සැමරුම් වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී (26) දින පැවැත්විණි.මෙම විශේෂ සැමරුම් වැඩසටහනට සමගාමීව, සැමරුම් මුද්දරයක් හා සමරු ග්‍රන්ථයක් එළිදැක්වීම ද සිදුවිය.සහකම්පනයෙන් යුතු දරුවෙකු බිහිකිරිම අධ්‍යාපනයේ ප්‍රමුඛ අරමුණ බවත්, සියලු වෘත්තිකයන් එකිනෙකාට සමාන බවත්, සියලු මිනිසුන් සමාජයට එකසේ වැදගත් බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ මෙය යථාවත් කිරිම වත්මන් රජයේ අභිලාෂය බවත්, දැනුමට පමණක් සීමා නොවී ආකල්ප හා කුසලතාවන්ගෙන් පරිපුර්ණ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරිම සඳහා සියලු දෙනා කැපවිය යුතු බවත් මෙහිදි අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එස්.ඩී. දිසානායක, හගුරන්කෙත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලසන්ත අබේරත්න, නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ විදුහල්පති ඩබ්.එම්. ගාමිණී කුමාරදාස යන මහත්වරුන්, විදුහල්පතිවරුන් ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්, සිසු දරුවන් අතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
