ශ්‍රී සරණංකර බෞද්ධ මධ්‍යස්ථානයෙහි අභිනව චෛත්‍ය රාජයාණණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම

ශ්‍රී සරණංකර බෞද්ධ මධ්‍යස්ථානයෙහි අභිනව චෛත්‍ය රාජයාණණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම

ශ්‍රී සරණංකර බෞද්ධ මධ්‍යස්ථානයෙහි අභිනව චෛත්‍ය රාජයාණණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම හිඳගල, ශ්‍රී සරණංකර බෞද්ධ මධ්‍යස්ථානයෙහි අභිනව චෛත්‍ය රාජයාණණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම පුණ්‍ය මහෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථාන පරිශ්‍රයේදී පසුගිය (28) දින සිදු කෙරිණී. මෙහිදි පෙරවරු 9.05 ට යෙදුන සුභ මෙහොතින් කොත් වහන්සේ තැන්පත් කිරීම සිදු වූ අතර පෙරවරු 10.11 යෙදුන සුභ මෙහොතින් ආණ්ඩුකාරවරයා අතින් චෛත්‍ය රාජයාණණන් වහන්සේගේ, කොත් වහන්සේ නිරාවරණය කිරීම සිදුකරන ලදී.හිඳගල, ශ්‍රී සරණංකර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති කඩිගමුවේ සාන්ත රක්ඛිත හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කර තිබිණී.මෙම අවස්ථාව සදහා ගඟවටකෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති සිසිර සේනාධීර, ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරි ඩි.එම්. හේරත් බන්ඩා, ප්‍රාදේශීය සභාවේ ලේකම් කුෂානී ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුල විහාරස්ථ දායක සහ කුලඟන සමිති සාමාජිකයින් සහ දහම් පාසල් දරුවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook