මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ සීනි සම්බොල් පාන් දන්සල
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ සීනි සම්බොල් පාන් දන්සල
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෙසක් පොහෝය දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද සීනි සම්බොල් පාන් දන්සල පල්ලේකැලේ, පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට දී පසුගිය (30) දින පස්වරුවේ පැවැත්විණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මධුපානී පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම දන්සල ආරම්භ කෙරිණි.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, සහකාර ලේකම් නයනි තෙන්නකෝන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධ්‍යාපන) කේ.ඩි.එම්.ඒ.කේ. ඇලිකේවල යන මහත්වරුන්, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ
