දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයට නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ

දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයට නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ

දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයට නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ දෙනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියක වන එස්.ඩී.ටී.එම්.එස්.කේ දසනායක මහත්මිය පත් කෙරේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා විසින් මෙම තනතුරට අදාළ පත්වීම් ලිපිය පසුගිය (01) දින පෙරවරුවේ ආණ්ඩුකාර කාර්යාලයේදී පිරිනැමිණි.දෙනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට පත් කිරීමට පෙර දසනායක මහත්මිය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළාය.ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ වසර විස්සකට ආසන්න සේවා පළපුරුද්දක් ඇති නිලධාරිනියක වන දසනායක මහත්මිය කලක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහලිපතිනිය ලෙස ද කටයුතු කළාය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන යන මහත්මීහුද මෙම පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook