මත්ද්‍රව්‍ය උවදුරින් පාසල් දරුවන් ගලවා ගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක්

මත්ද්‍රව්‍ය උවදුරින් පාසල් දරුවන් ගලවා ගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක්

මත්ද්‍රව්‍ය උවදුරින් පාසල් දරුවන් ගලවා ගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් මත්ද්‍රව්‍ය උවදුරින් පාසල් දරුවන් ගලවා ගැනීම උදෙසා සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී පසුගිය (02) දින පැවැත්විණි.ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්‌ වහන්සේ විසින් මූලාසනය හොබවන ලද මෙම වැඩසටහන මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘රටම එකට’ මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීමේ වැඩසටහනට සමගාමීව පාසල් දූ දරුවන් ඉන් මුදවා ගැනීම හා දැනුම්වත් කිරීමේ අරමුණ ඇතිව වෙසක් සතියට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාක්මක කෙරිණි. මේ යටතේ මහනුවර අධ්‍යාපන කලාපයේ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කලාප අධ්‍යපාන කාර්යාලය කටයුතු කර තිබේ.මහනුවර ජාතික රෝහලේ මනෝචිකිත්සක, වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.පී. දිසානායක, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ, අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) කේ.ඩී.ඩී. ප්‍රියදර්ශනි, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති නාමල් චන්දන කුමාර යන මහත්ම මහත්මීහු ඇතුළු සිසු දරුවන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook