බලශක්ති කාර්යක්ෂම තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයේ

බලශක්ති කාර්යක්ෂම තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයේ

බලශක්ති කාර්යක්ෂම තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයේ බලශක්ති සංරක්ෂණය සහ විකල්ප බල ශක්ති භාවිතය සම්බන්ධයෙන් 2025 වර්ෂයේ සිදු කළ දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අදාළ ත්‍යාග ප්‍රදානය සහ ඇගයීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ඊ.එල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවනාගාරයේ දී (02) දින පැවැත්විණි.මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන විදුලිබල හා බලශක්ති සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මධ්‍යම පළාත තුළ එක් වැඩසටහනක් සඳහා දරුවන් 200 කගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් 19 ක් ද එක් වැඩසටහනක් හා දරුවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන ලද ප්‍රායෝගික දැනුවත් කිරීමේ වැඩසටහන් 10 ක් ද මේ යටතේ ක්‍රියාත්මක කරන තිබේ. දිස්‍ත්‍රික්ක අනූව එක් දිස්ත්‍රික්කයකින් බාලදක්ෂයින් 200 ගේ සහභාගීත්වයෙන් මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලදී ද මෙම දැනුවත් කිරීම සිදු කර ඇත. එසේම මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක පෙර පාසල් පාලිකාවන් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක ගෘහණීයන් සඳහා ද දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන් මගින් විකල්ප බලශක්ති භාවිතය සහ කාර්යක්ෂම බලශක්ති පරිභෝජනය සම්බන්ධයෙන් සිදු කළ දැනුවත් කිරීමට සම්බන්ධවූවන් දැනුවත් කිරීමේ වැඩසටහනට පෙර විදුලි පරිභෝජනය සහ දැනුවත් කිරීමට පසුව විදුලි පරිභෝජනය අතර වෙනස සළකා බැලීම සිදු කර ඇත. ඒ යටතේ ක්‍රියාත්මක කරන ලද එක් වැඩසටහනකින් වැඩිම කාර්යක්ෂමතාවයකින් විදුලිය පරිභෝජනය කරන ලද තිදෙනෙකු බැගින් තෝරා ඇගයීමට ලක් කරන ලදි. එසේම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට වැඩසටහන සඳහා සහභාගී වූවන්ගේ විදුලි පරිභෝජන තොරතුරු ලබා දෙමින් අප වෙත සහාය වූ පාසල් වල ගුරුභවතුන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් සහ වනිතා සංවර්ධන නිලධාරීන් ද ඇගයීමට ලක් කරන ලදී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් දිලීපා රූපානී පියදාස, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) එරන්දි කුමාරගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) සම්පත් යටිවැල්ල මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන විදුලිබල හා බලශක්ති සහ නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිලධාරින්, ගුරුභවතුන්, සිසු දරුවන් පිරිසක් එක් වූහ

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook