සීගිරි ආලකමන්දා නිවාඩු නිකේතනයට මුල්ගල් තැබේ.

සීගිරි ආලකමන්දා නිවාඩු නිකේතනයට මුල්ගල් තැබේ.

දඹුල්ල – සීගිරිය සංචාරක කලාපයේ සංචාරක පහසුකම් නංවාලීමේ පියවරක්.

දඹුල්ල, සීගිරිය සංචාරක කලාපයේ සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිකිරීමට යෝජිත “සීගිරි ආලකමන්දා නිවාඩු නිකේතනය” සඳහා මුල්ගල් තැබීම (14) සිදු කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මුල්ගල් තැබීම සිදු විය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන සහ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රදාන ලබාදීමේ ව්‍යාපෘතිය – 2026 යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

රුපියල් මිලියන 15ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2027 වසරේ පළමු කාර්තුව අවසන් වන විට නිම කිරීමට සැලසුම් කර ඇත.

සීගිරිය හා දඹුල්ල ආශ්‍රිත සංචාරක කලාපයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා වැඩිදියුණු කළ නවාතැන් සහ අනෙකුත් සංචාරක පහසුකම් සැපයීම මෙන්ම ප්‍රාදේශීය සභාවට ආදායම් උත්පාදනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වේ.

මෙම අවස්ථාවට දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්‍රී මහතා, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති තිලක් වික්‍රමසිංහ මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහභාගි වූහ.

එමෙන්ම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.සී.කේ. අතපත්තු මහත්මිය, මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් සමිත සපුතන්ත්‍රි මහතා, පළාත් සංචාරක අධ්‍යක්ෂ සඳමාලි හේවගේ මහත්මිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් එන්.එම්. උපේක්ෂා කුමාරි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

See less

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook