ලෝක මානසික සෞඛ්‍ය දිනය හා ජාතික උපදේශන දිනය නිමිත්තෙන් මහනුවර අධ්‍යාපන කලාපයේ සංවිධානය කරන ලද සැමරුම් වැඩසටහන් මාලාවේ අවසන් ප්‍රධාන වැඩසටහන 21 දින මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේදී පැවැත්විණි.
මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ අරමුණ වූයේ සිසු දරුවන් අතර මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම, මානසික සුවතාවයේ වැදගත්කම අවබෝධ කර දීම සහ උපදේශනයේ වටිනාකම පිළිබඳ අවබෝධයක් ලබා දීමයි.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍යවරියක මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක වන වෛද්‍ය රසාංගී අධිකාරම් මහත්මිය සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෘත්තීය චිකිත්සක එච්. එන්. ඒ. කේ. යූ. දිවාරත්න මහත්මිය විසිනි.
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලය, අම්පිටිය බෙරවර්ට්ස් විද්‍යාලය ඇතුළු පාසල් රැසක සිසු සිසුවියෝ මෙම වැඩසටහනට සහභාගී වූහ. ඒ ඔස්සේ මානසික සෞඛ්‍යය රැකගැනීම, මානසික අභියෝග හඳුනාගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී නිසි උපදේශන සහාය ලබාගැනීම පිළිබඳ දැනුම හා අවබෝධය වර්ධනය කරගැනීමට අවස්ථාව සැලසිණි.
මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා සත්කාරක පාසල ලෙස මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සිය සහාය ලබා දුන් අතර, මහනුවර Pioneer Kandy Campus ආයතනය අනුග්‍රහය දැක්වීය.
සිසු දරුවන්ගේ මානසික සුවතාවය ප්‍රවර්ධනය කිරීම, ඔවුන්ගේ මානසික අවශ්‍යතා පිළිබඳ සංවේදී අවබෝධයක් ගොඩනැඟීම සහ පාසල් පද්ධතිය තුළ උපදේශන සේවාවන්හි වැදගත්කම තවදුරටත් ඉස්මතු කිරීම සඳහා මෙම වැඩසටහන වැදගත් අවස්ථාවක් විය.
ඡායාරූප - මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය
