2026 ජාතික හිසතෙල් ගැල්වීමේ මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මහනුවර නාථ දේවාලයේදී
2026 ජාතික හිසතෙල් ගැල්වීමේ මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මහනුවර නාථ දේවාලයේදී
2026 සිංහල සහ දමිළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට අනුව හිසතෙල් ගැල්වීමේ ජාතික මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ මහනුවර ඓතිහාසික නාථ දේවාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.නියමිත සුබ නැකත් වේලාවට අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රයට එක්වූ අතර, මීට සමගාමීව ශ්‍රී දළදා මාළිගාවේ ඇතුන් ඇතුළු අලි ඇතුන් සඳහා හිසතෙල් ගැල්වීම ද මෙහිදී චාරිත්‍රානුකූලව සිදු කෙරුණි. මෙම අවස්ථාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් ශ්‍රී මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ එස්. බණ්ඩාරනායක මහතා ,පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා,පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී මහතා,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මදුපානි පියසේන මහත්මිය ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අභයගුණවර්ධන මහතා හා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වී සිටියහ. අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකිරීම සඳහා විශාල පිරිසක් නාථ දේවාල භූමියට රැස්ව සිටි අතර මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,මධ්‍යම රජයේ ආයූර්වේද දෙපාර්තමේන්තුව,මධ්‍යම පළාත් සභාව, ශ්‍රී දළදා මාළිගාව ,මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර මහනගර සභාව, මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා ත්‍රිවිධ හමුදා යන ආයතනයන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්විණ.
