නැණෝදා වෘත්තිය අධ්‍යාපන  මධ්‍යස්ථානය සදහා 2026 වර්ෂය වෙනුවෙන් සිසුන් ඇතුලත් කර ගැනේ

නැණෝදා වෘත්තිය අධ්‍යාපන මධ්‍යස්ථානය සදහා 2026 වර්ෂය වෙනුවෙන් සිසුන් ඇතුලත් කර ගැනේ

නැණෝදා වෘත්තිය අධ්‍යාපන මධ්‍යස්ථානය සදහා 2026 වර්ෂය වෙනුවෙන් සිසුන් ඇතුලත් කර ගැනේ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින නැණෝදා වෘත්තිය අධ්‍යාපන මධ්‍යස්ථානය සදහා 2026 වර්ෂය වෙනුවෙන් සිසුන් ඇතුලත් කර ගැනීම හා මධ්‍යස්ථානය සදහා අවශ්‍ය වෘත්තිය පුහූණු උපකරණ ලබාදීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (12) මැණික්හින්න හුරිකඩුව නැණෝදා වෘත්තිය අධ්‍යාපන මධ්‍යස්ථානයේ දී සිදු කෙරින. වැසීගිය පාසලක් රටටම ආදර්ශයක් ලබාදෙන කාලින අවශ්‍යතා ඉටුකරන ස්ථානයක් බවට පත් කරමින් 2011 වර්ෂයේදී මෙම නැණෝදා වෘත්තිය අධ්‍යාපන මධ්‍යස්ථානය ආරම්භ කොට ඇති අතර මෙම වෘත්තිය පුහූණු මධ්‍යස්ථානය මගින් කාලින වටිනාකමක් සහිත වූ වෘත්තිය පුහූණු පාඨමාලා 07ක් ක්‍රියාත්මක කරනු ලබයි. වර්ෂයකට පුහුණුලාභින් ලෙස NVQ 4 මට්ටමේ සුදුසුකම් සහිත නිපුනතාවයෙන් යුක්ත වුවන් ව්‍යවසායකයින් ලෙස සමාජ ගත කරනු ලබන ප්‍රමාණය 300 ක් පමණවේ. නව වර්ෂය සදහා පාඨමාලා 04ක් වෙනුවෙන් සිසුන් ඇතුලත්කර ගැනීම මෙහිදී සිදු වූ අතර විදුලි කාර්මික ශිල්පී පාඨමාලාව , රූපලාවන්‍ය හා කේශාලන්කරණ පාඨමාලාව , යාන්ත්‍රික මැහුම් පාඨමාලාව හා ICT TECHNICIAN යන පාඨමාලාවන් මේ අතර වේ. නිවැරදිව නිපුනතාවය ලබාදෙමින් කාලින රැකියා ඉල්ලුමට සරිලන ලෙසින් මෙම පාඨමාලාවන් සකස්කොට පවතින අතර නොමිලේ මෙම පාඨමාලාවන හැදෑරීමට අවස්ථාව උදාකර පැවතීම විශේෂත්වයකි.මෙම අවස්ථාව සදහා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ සැලසුම් අධ්‍යක්ෂ කේ.ජි.එස්.නිශ්ශංක , වෘත්තිය අධ්‍යාපන මධ්‍යස්ථානයේ කළමනාකරු ශාන්ත කුමාර යන මහත්වරුන් , උපදේශකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook