2026 වසරට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ

2026 වසරට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ

2026 වසරට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව රැස්වේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී (13) දින පැවැත්විණි. මෙහිදී මහනුවර දිස්ත්‍රික්කය 2025 වසර තුළ ක්‍රියාත්මක කළ පළාත් සභා, විමධ්‍යගත අයවැය, ඇතුලු ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ඒ ඒ ආයතනයන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදුවිණි. එමෙන්ම 2026 වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන වැඩසටහන් හා යෝජනා සම්බන්ධයෙන් ද මෙම කමිටු රැස්වීමේදී අවධානය යොමු කෙරිණි.එමෙන්ම මහනුවර දිස්ත්‍රික්ක තුළ පසුගිය දා ඇති වූ ආපදා හේතුවෙන් අවතැන් වු ජනතාවගේ ජන ජීවත සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපදාවෙන් හානියට පත් වූ ප්‍රදේශයන් යථා තත්ත්වයට පත් කිරීම සහ එවායේ මේ දක්වා ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවෙන් මහවැලි ගංගාවේ තැන්පත්වී ඇති වැලි ඉවත් කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීම, කෘෂිකාර්මික පද්ධතිය යථා තත්වයට පත් කිරීම ඇතුලු කරුණු සම්බන්ධයෙන් දීර්ග වශයෙන් මහනුවර දිස්ත්රික් සම්බන්ධීකරණ සාකච්ඡා කෙරිණි.එමෙන්ම මහනුවර, දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය, විදුලිය, සෞබ්‍යය, ප්‍රවාහන කටයුතු, අධ්‍යාපනය, කෘෂි කර්මාන්තය ආදි ක්ෂේත්‍ර මෙන්ම දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය ඇතුළු අංශ රැසක් පිළිබදව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ජා කරන ලදී.මෙම අවස්ථාව සදහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, යන මහත්වරු ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන්, සභාපතිවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශය ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින්, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook