මහනුවර රාත්‍රී වෙළඳ පොළ 2026 වසරටත්

මහනුවර රාත්‍රී වෙළඳ පොළ 2026 වසරටත්

මහනුවර රාත්‍රී වෙළඳ පොළ 2026 වසරටත් සංචාරක ආකර්ශණය සහිත රාත්‍රී වෙළඳ පොල (Kandy Breeze Night Fest) ‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ වැඩසටහන 2026 වසරේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (23) දින පැවැත්විණි.මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා මෙහිදි අදහස් දක්වමින්, ‘මහනුවර නගරය ආලෝකමත් කරමු’ 2025 රාත්‍රී වෙළඳ පොල සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලද සියළු පාර්ශවයන් වෙත ස්තූතිය පළ කළේය.මෙම සාකච්ඡාවේ නව වසරේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදි නගරයේ මාර්ග තදබදය අවම කිරීම, ප්‍රවාහන සේවා නිසි ලෙස පවත්වාගෙන යාම, වෙළඳ කුටි, අලෙවි අවස්ථා පුළුල් කිරීම, පහසුකම් පුළුල් කිරීම, ප්‍රචාරණය ඇතුලු ඉදිරි සංවිධානය කටයුතු සම්බන්ධයෙන් සහ නව මුහුණුවරකින් රාත්‍රි වෙළඳපල පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.ඒ අනුව මෙම වෙළඳ ප්‍රදර්ශනය යටිනුවර වීදිය ආවරණය වන පරිදි පෙබරවාරි මස 14 සෙනසුරාදා දින සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාව සඳහා මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජයනායක මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් ‍මංජුලා මඩහාපොල, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චරිතා ඉලංගකෝන්, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන් යන මහත්වරුන් මහනුවර වෙළඳ සංගම් නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ජාතික විද්වත් සංවිධානයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook