මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ 2026 සංවර්ධන වැඩසටහන සමාලෝචනය කිරීමේ වැඩසටහනක්

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ 2026 සංවර්ධන වැඩසටහන සමාලෝචනය කිරීමේ වැඩසටහනක්

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ 2026 සංවර්ධන වැඩසටහන සමාලෝචනය කිරීම කෘෂිකර්ම, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (25) ගැටඹේ, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ. මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී විජේරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයන් අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා,පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ,පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ,පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ඇතුළු දෙපාර්තමේන්තු විධායක නිලධාරීන් හා අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරීන් ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලය සහභාගි විය.රාජ්‍ය යාන්ත්‍රණය ගුණාත්මක ලෙස සංවර්ධනය වෙමින්,ගොවි ජනතාව වෙත ආර්ථික ප්‍රතිලාභ ලැබෙන පරිදි කෘෂිකාර්මික ඵලදායිතාව වැඩිකිරීම සදහා නව ප්‍රවේශ ඔස්සෙ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත්, දැඩි මානව හා භෞතික සම්පත් හිගයක් සහිතව වුවද විශාල සේවාවක් ඉටුකරන පළාත් සභාවේ කෘෂිකර්ම අංශයේ නිලධාරීන්ගේ කාර්‍යභාරය අගය කරන බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook