2026 පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීමේ හා බලගැන්වීමේ වැඩසටහන විල්ගමුවෙන්
2026 පාසල් මාධ්‍ය සමාජ පිහිටුවීමේ හා බලගැන්වීමේ වැඩසටහන විල්ගමුවෙන්
පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව හා ඵලදායී හා මානව හිතවාදී පාසල් මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීමේ අරමුණින් දියත් කෙරෙන පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ ව්‍යාපෘතියේ 2026 වර්ෂයේ පළමු වැඩසටහන විල්ගමුව කලාපයේ පාසල් වෙනුවෙන් වු වැඩසටහන නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේ දී විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ඩබ්.එන්.පී.ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (06) පැවැත්විණි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි මහතාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන පළාත් මාධ්‍ය ඒකකයේ නිලධාරීන්ගේ සම්පත්දායකත්වයෙන් පැවැත්විණ. එය පාසල් මාධ්‍ය සමාජය බලගැන්වීම හා සිසු සිසුවියන් දායකත්වය, කැමරාකරණය, වීඩියෝකරණය හා ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකරකම්වලින් සමන්විත විය. මෙම වැඩසටහන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) එස්.එම්.කේ.ජී.බණ්ඩාර මහතා හා සිංහල හා මාධ්‍ය අධ්‍යයනය විෂය සම්බන්ධීකාරක නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.එම්.විජේසිංහ බණ්ඩා මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට විල්ගමුව කලාපයේ පාසල් නියෝජනය කරමින් මාධ්‍ය සමාජය භාර ගුරු මහත්ම මහත්මීන් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි විය.
