‘බිස් ෆෙයාර් 2026’ මහනුවර බෝගම්බර සංස්කෘතික උද්‍යානයේ දි ඇරඹේ
‘බිස් ෆෙයාර් 2026’ මහනුවර බෝගම්බර සංස්කෘතික උද්‍යානයේ දි ඇරඹේ
මධ්‍යම පළාත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන වෙළඳ ප්‍රදර්ශනය ‘බිස් ෆෙයාර් 2026’(BIZ FAIR) මහනුවර බෝගම්බර සංස්කෘතික උද්‍යානයේ පසුගිය (24) ආරම්භ කෙරිණි.මෙම වෙළෙඳ ප්‍රදර්ශනය මාර්තු 25, 26 හා 27 දිනවලදී පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වෙන අතර මීට සමගාමීව දේශීය අහාර අලෙවි ප්‍රදර්ශනයක් ද සංවිධානය කර ඇත.මධ්‍යම පළාත් කාර්මාන්ත අමාත්‍යාංශය මෙහෙයවීම මත මධ්‍යම පළාත් කාර්මාන්ත සංවර්ධන ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව, මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
