වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේගේ 211 වන ගුණසැමරුම
වාරියපොළ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේගේ 211 වන ගුණසැමරුම
වර්ෂ 1815 මාර්තු මස 02 වන දින උඩරට ගිවිසුම අස්සන් කිරීමට පෙර ඉහළට එසවූ බ්‍රිතාන්‍ය ජාතික ධජය බිම හෙලා ස්වකීය ජාති වාත්සල්‍යය ප්‍රකට කළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වැඩසිටි අති ගෞරවහාර්හ අනුනායක නාහිමිපාණන් වහන්සේගේ 211 වන ගුණසැමරුම පසුගිය දා (මාර්තු 2) පෙරවරුවේ ඓතිහාසික මහමලුවේ පිහිටි වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමි පිළිරුව අබියස දී පැවැත්විණ.මෙම වැඩසටහන මල්වතු හා අස්ගිරි දෙපාර්ශ්වයේ අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහාසංඝරත්නයේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර සරත් බණ්ඩාර අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා,බස්නායක නිලමේවරුන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද ,ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ද මහනුවර වාරියපොළ සුමංගල විද්‍යාලය ඇතුළු පාසල් නියෝජනය කරමින් සිසු සිසුවියන් පිරිසක් ද ඊට එක්ව සිටියහ.
ඡායාරූප - ශ්‍රී දළදා මාලිගාව මාධ්‍ය කාර්යාංශය
