2570 වැනි වෙසක් පුන් පොහෝය වෙනුවෙන් දම් දෙසුමක්
2570 වැනි වෙසක් පුන් පොහෝය වෙනුවෙන් දම් දෙසුමක්
මෙවර වෙසක් පුන් පොහෝය වෙනුවෙ නිමිතිකොටගෙන මැයි මස 27 වන දින සිට ජූනි මස 02 වන දින දක්වා පැවැත්වෙන වෙසක් සැමරුම් වැඩසටහන් මාලාවේ එක් අංගයක් ලෙස පවත්වන ලද ධර්මදේශනාමය වැඩසටහනක් පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේදී පසුගිය දා (27) පැවැත්විණී. මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේ ධර්ම දේශනය පේරාදෙණිය, ඊරියගම, ගොඩගන්දෙණිය කුරුකුදේ පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති, දර්ශනපති, පූජ්‍ය පොලොන්නරුවේ සුමනසාර ස්වාමීන්වහන්සේ විසින් සිදුකළහ.
මෙම ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සදහා මධ්‍යම පළාත් සභාවේ සභා ලේකම් සුජානි විජේතුංග, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක, ඉඩම් කොමසාරිස් මනේෂා විජේතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු මධ්‍යම පළාත් සභා පරිශ්‍රයේ සේවය කරන නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
