නවක උපාධිධාරීන් 378 දෙනෙකු මධ්‍යම පළාත් ගුරු සේවයට.

නවක උපාධිධාරීන් 378 දෙනෙකු මධ්‍යම පළාත් ගුරු සේවයට.

නවක උපාධිධාරීන් 378 දෙනෙකු මධ්‍යම පළාත් ගුරු සේවයට. මධ්‍යම පළාත් ගුරු සේවය සඳහා පත් වූ නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා පත්වීම් ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී 19 දින සිදු කෙරිණ.මෙහිදී සිංහල මාධ්‍ය 233 හා දෙමළ මාධ්‍ය 145 දෙනෙකු ලෙස 378 දෙනෙකු හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කරන ලද අතර ,මධ්‍යම පළාතේ ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ වැඩසටහනේ දෙවන අදියර යටතේ මෙම පත්වීම් ප්‍රදානය සිදුවිය.තරග විභාගයක් පවත්වා ඉන් සමත් වුවන් සදහා සම්මුඛ පරීක්ෂණයක් හා ප්‍රායෝගික පරීක්ෂණයකින් අනතුරුව මෙම සුදුස්සන් තෝරා ගැනීම සිදුකොට ඇත.මෙම විභාගය සදහා 6000 පෙනිසිට ඇති අතර ,ඉන් 2000 විභාගය සමත්ව ඇති අතර ඉන් සම්මුඛ පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණ සදහා 700 දෙනෙකු කැදවා ,පවතින පුරප්පාඩු සංඛ්‍යාව අනුව උපරිම ලකුණු ලබාගත් පිරිස සදහා මෙලෙස පත්වීම් ලබාදීම සිදුකර ඇත. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට සදහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්. ඩි.නිමලසිරි , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු ආයතන ප්‍රධානින් රැසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook