
පේරාදෙණිය ශ්‍රී ඤාණාලංකාර මහා පිරිවෙනේ 40 වසරක ප්‍රත්‍යාවලෝකන සැමරුම් උත්සව මාලාව.
පේරාදෙණිය ශ්‍රී ඤාණාලංකාර මහා පිරිවෙනේ 40 වසරක ප්‍රත්‍යාවලෝකන සැමරුම් උත්සව මාලාව 02 හා 03 යන දෙදින එම විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණ.
පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම මහා විහාරයේ ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යනතර භිකෂූ අභ්‍යාස ආයතන මහා පිරිවෙන ආරම්භ කොට මේ වන විට වසර 40 සපිරේ. ඒ වෙනුවෙන් විශේෂ සමරු උත්සව මාලාවක් දෙදිනක් පුරා සංවිධානය කොට පැවතී අතර , මෙහිදී වැඩසටහන් රැසක් ක්‍රියාමක කෙරින. අතිපුජ්‍ය වත්තේගම ධ්ම්මාවාසි නායක ස්වාමීන්වහන්සේ ගේ පුර්ණ අනුශාසකත්වය හා මගපෙන්වීම යටතේ මෙම උත්සව කටයුතු සංවිධානය කොට පැවතුනි.
මෙහිදී නවීන තාක්ෂණික ඇමතුම් කට්ටල ප්‍රදානය කිරීමක් ද සිදු කරණ ලද අතර මෙම අවස්ථාව සදහා මහා සංගරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.