
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරඟයේ වැඩි ජයග්‍රහණ මධ්‍යම පළාතට.
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරඟයේ වැඩි ජයග්‍රහණ මධ්‍යම පළාතට.
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජාතික රට හරහා දිවීමේ තරඟයේ වැඩි ජයග්‍රහණ හිමිකර ගැනීමට මධ්‍යම පළාත සමත් විය.පිරිමි තරගයේ ප්‍රථම ස්ථානය සමගින් රන් පදක්කම මධ්‍යම පළාත නියෝජනය කරමින් එම්.සිවරාජන් හිමිකර ගැනීමට සමත් වූයේ 34:20.31ධාවන කාලයක් වාර්තා කරමිනි. මෙම තරගාවලියේ කාන්තා අංශයේ ජයග්‍රහණ දෙකක් මධ්‍යම පළාත සතු කර ගැනීමට සමත් විය. ඒ අනුව මධ්‍යම පළාතේ වත්සලා හේරත් ක්‍රීඩිකාව දෙවන ස්ථානය සමගින් රිදී පදක්කම ද (40.04 ක ධාවන කාලය) චාමිනී හේරත් ක්‍රීඩිකාව 40.18 ක ධාවන කාලයක් සමගින් තෙවන ස්ථානය සමගින් ලෝකඩ පදක්කම ද හිමි කර ගැනීමට සමත් විය. තරගාවලියේ පිරිමි හා කාන්තා කණ්ඩායම් ශුරතාවයන් ද්විත්වයම දිනා ගැනීමට ද මධ්‍යම පළාත සමත්වීම විශේෂත්වයකි. මෙම තරගාවලිය පසුගියදා (15ද) නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේ දී පැවති අතර තරගය සඳහා පිරිමි තරගාවලිය සඳහා එක් පළාතකින් ක්‍රීඩකයින් 10 බැඟින් මෙවර ක්‍රීඩකයින් 88 දෙනෙකු ද, කාන්තා අංශය සදහා එක් පළාතකින් ක්‍රීඩිකාවන් 6 දෙනෙකු බැඟින් ක්‍රීඩිකාවන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තරඟාවලිය පැවැත්වින.ජාතික රට හරහා දිවීමේ තරඟ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් මෙසේය. කාන්තා ප්‍රථම ස්ථානය මෙත්මි රසාරා විජේසූරිය ( නැගෙනහිර පළාත.38:40:93), දෙවන ස්ථානය වත්සලා මධුශානී හේරත් ( මධ්‍යම පළාත), තෙවන ස්ථානය චාමිනී හේරත් ( මධ්‍යම පළාත) පිරිමි තරගාවලියේ ප්‍රථම ස්ථානය එම්.සිවරාජන් (මධ්‍යම පළාත. 34:20.31) දෙවන ස්ථානය එම්. සුරංග පුෂ්පකුමාර (බස්නාහිර පළාත) තෙවන ස්ථානය ඒ. ඩී. හේමන්ත කුමාර ( බස්නාහිර පළාත)තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන් ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.