නැණෝදා අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ කියාත්මක කෙරෙන 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව ඇරඹේ.

නැණෝදා අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ කියාත්මක කෙරෙන 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව ඇරඹේ.

නැණෝදා අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ කියාත්මක කෙරෙන 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව ඇරඹේ. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන නැණෝදා අධ්‍යාපන සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය අද දින (05) මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙය වැඩසටහන් මාලාවක් ලෙසින් මධ්‍යම පළාත පුරා තෝරාගත් ස්ථානවලදී පැවැත්වීමට සැලසුම් කොට තිබේ. මෙම සම්මන්ත්‍රණය ප්‍රවීන ශිෂ්‍යත්ව දේශක චාමින්ද ලියනාරච්චි මහතා විසින් මෙහෙය වූ අතර මෙම සම්මන්ත්‍රණය සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1200 ක් පමණ සහභාගී වී සිටියහ . මෙම වැඩසටහන සදහා ඇට්ලස් ලංකා සමාගම විසින් අනුග්‍රාහකත්වය ලබා දී තිබිණ . එම සමාරම්භක අවස්ථාවට ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ කේ. ජි. එස්. නිශ්ශංක මහතා , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා ,මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය, ප්‍රජා පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ මනෝජ් සමරසේකර මහතා , ඇට්ලස් ලංකා සමාගමේ ප්‍රාදේශීය කළමනාකරු ටිෂාන් ජයශාන්ත මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook