පන්විල 5 ශ්‍රේණියේ සිසු සිසුවියන්ට නව අධ්‍යාපනික අත්දැකීමක් පන්විල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසල් 24ක ඉගෙනුම ලබන 5 ශ්‍රේණියේ සිසු සිසුවියන්ගේ ශිෂ්‍යත්ව විෂය නිර්දේශය මුළුමනින්ම ආවරණය පරිදි සංවිධානය කළ විශේෂ ප්‍රදර්ශනයක් පසුගිය දා පන්විල පොලිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. මෙහිදී සිසු සිසුවියන්ට සිය පෙළ පොත් විෂයෙහි සඳහන් වූ සියලු පාඩම් ආදිය අදාළ උපකරණ හා නිර්මාණ ද සමඟ ප්‍රායෝගිකව හැදෑරීමේ අනගි අවස්ථාවක් උදා විය. කොට්ටාශයේ එක් පාසලකට එක් ප්‍රදර්ශන කුටියක් බැගින් නිශ්චිත තේමාවක් යටතේ වෙන් කර දී තිබිණි. 5 ශ්‍රේණියේ සිසු සිසුවියන් සේම ඔවුනගේ ගුරු භවතුන්ද මහත් උනන්දුවකින් ප්‍රදර්ශනයට සහභාගී වී සිටියහ.ප්‍රදර්ශනය අවසන රාජ්‍ය නොවන සංවිධානයක මැදහත්වීමකින් හොඳම හා සාර්ථක ම ප්‍රදර්ශන කුටිය නිර්මාණය කළ පාසල් වෙත ත්‍යාග ද පිරිනමන ලදී. ප්‍රදර්ශන කුටි සකස් කිරීමට ද එම සංවිධානය අනුග්‍රහය දක්වා තිබිණි. ප්‍රදර්ශනයට සමගාමීව සිසු සිසුවියන් ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන හා රාජ්‍ය ආයතන වෙත කැඳවා ගෙන ගොස් ඒවායේ වත් පිළිවෙත් හා කාර්යයන් පිළිබඳ ව ඔවුනට අවබෝධයක් ලබා දීමට ද සංවිධායකයෝ පියවර ගත්හ. වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ටී.එන්. ගුණරත්න මහතා ද, පන්විල කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් වීරසිංහ මහතා ද මේ අවස්ථාවනට එක්ව සිටියහ. ප්‍රදර්ශනය සංවිධානය කළේ පන්විල කොට්ටාශ අධ්‍යාපන කාර්යාලය ,පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පන්විල ප්‍රාදේශීය සභාව යි.