
ප්‍රතිපාදන වලින් ජාතික නිර්ණායක වලට අනුව 50% ක් මුදලක් භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා යොදා ගැනීමට අපේක්ෂිතය - මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (16) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ජනතාව අමාරුවෙන් ගෙවන බදු මුදල් සියළු සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදවන්නේ. ඒ නිසා වඩා ප්‍රතිපලදායි අවශ්‍යතාවයන් ප්‍රමුඛව හදුනාගත යුතුයි. මිලියන 11750 ක මුදලක් මෙවර සමස්ත ලංකාවේම සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවෙනවා. ඒ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු හරහා. ලැබෙන මුදල් අපතේ නොයවා ජනතාව වෙනුවෙන් නිලධාරින් ක්‍රියාකිරීම මේ මොහොතේ රටට අවශ්‍ය , රට හදන මාවතට හැමෝම දායක වෙන්න යැයි ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා එහිදී අදහස් දක්වමින් පැවසිය.
මෙහිදී 2023 වර්ෂයේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ලද සංවර්ධනය ව්‍යාපෘති හා එහි ප්‍රගතිය විමසා බැලීම සිදුවූ අතර 2024 වර්ෂයේ දී දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් හා ව්‍යාපෘති පිළිබදව කරුණු සාකච්ජා කෙරින. 2024 වර්ෂය සදහා මාතලේ දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 287 ක මුදලක් ලැබීමට නියමිත අතර , දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින් ප්‍රාදේශීය සංවර්ධන අවශ්‍යතා හදුනාගනිමින් ජුලි මස 31 වන විට සියලු කටයුතු අවසන් කිරීමට ද නියමිතය. ජනගහනය ,ධරිද්‍රතාවය , අතරමැද නවතා පවතින ව්‍යාපෘති සදහා ප්‍රමුඛතාව ලබාදීමට ද සැලසුම් කොට ඇති අතර , ප්‍රාදේශීය විෂමතාවයන් අවම කර ගැනීම මෙන්ම ජනතා සුභසිද්ධිය වෙනුවෙන් වඩා ශාඛ්‍යතවයෙන් යුක්ත තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. ලැබෙන ප්‍රතිපාදන වලින් ජාතික නිර්ණායක වලට අනුව 50% ක් මුදලක් භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහා යොදා ගැනීමට අපේක්ෂිතය.
මාතලේ දිස්ත්‍රික්කය තුළ වාරිමාර්ග යෝජනා හා අටක් ක්‍රියාත්මක කිරීමට ද , කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන යටතේ අතර මග නවතා ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක ද, වැඩ අවසන් කිරීමට නියමිතය. මාතලේට නව ජල සැපයුම් 12000ක් මේ වර්ෂයේ ලබාදීමට ද සැලසුම් කර ඇති අතර , දඹුල්ල පුජා භුමිය සදහා ඉඩම් පවරා ගැනීමේ දී පැවති ගැටළු නිරාකරණය, රිවස්ටන් සංචාරක කලාපයේ ප්‍රමිතිය තහවුරු කිරීම සදහා නව යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීම , රිලවුන්ගෙන් සිදුවන වගාහානි වලක්වා ගැනීම වෙනුවෙන් නව වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි නියමු ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමට සැලසුම් කොට ඇත. ඒ අනුව ගැහැණු හා පිරිමි සතුන් වන්දිකරණයට ලක් කිරීමට නියමිත අතර මේ සදහා නියමු ව්‍යාපෘතියේ දී රංචු 05ක් සතුන් 150 දෙනෙකු යොදා ගැනීමට සැලසුම කොට පවතීන අතර වසර දෙකකින් පසුව එහි ප්‍රතිපල විමර්ශනය කෙරේ. මාතලේ දිස්ත්‍රික්කය වෙනුවෙන් සකස් කරන ලද කෘෂිකර්ම සැලස්ම පිළිබදව ද මෙහිදී කරුණු රැසක් ඉදිරිපත් කරන ලදී. දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ පෝෂණ තත්වය ඉහල දැමීම වෙනුවෙන් පාසල් 220ක් සදහා බිත්තර ලබාදීම වෙනුවෙන් කුකුළු පැටවුන් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද නියමිත අතර මේ සදහා කුකුළු පැටවුන් 8200 ලබාදීමට අපේක්ෂිතය. පසුගිය අධික වර්ෂාව සමග මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් 330ක් ආපදා තත්වයට ලක්ව ඇති බව ද අනාවරණය වූ අතර ඉදිරියේදී ඒකාබද්ධ සැලැස්මකට අනුව පාසල් නවීකරණ කටයුතු සිදු කිරීමට මෙහිදී කරුණු සාකච්ජා කරන ලදී.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල ,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලෙකම් ඩබ්ලිව්.දයානන්ද , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , මාර්ග සංවර්ධන අමාතයාංශයේ ලේකම් මධුපානි පියසේන ,සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න යන මහත්ම මහතමින්, දෙපාර්තමේන්තු ප්‍රධානින් , ප්‍රාදේශීය ලේකම්වරුන් , පළාත් පාලන ආයතන ප්‍රධානින්, ආරක්ෂක අංශ නියෝජනය කරමින් නිලධාරින් රැසක් සහභාගී වුහ.