රුපියල් මිලියන 59.37ක වියදමකින් ඉදි කළ මඩොල්කැලේ ප්‍රාදේශීය රෝහලේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

රුපියල් මිලියන 59.37ක වියදමකින් ඉදි කළ මඩොල්කැලේ ප්‍රාදේශීය රෝහලේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

රුපියල් මිලියන 59.37ක වියදමකින් ඉදි කළ මඩොල්කැලේ ප්‍රාදේශීය රෝහලේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට රෝග වැලැක්වීම සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් සෞඛ්‍ය පහසුකම් පුළුල් කළ යුතු බවද, ඒ සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ සියලු දෙනා දක්වන කැපවීම අගය කළ යුතු බවද, රජය විසින් සෞඛ්‍ය සේවය වෙනුවෙන් දරන වියදමට ඉන් වටිනාකමක් ලැබෙන බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි. ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ ආසියානු සංවර්ධන බැංකුව යටතේ ක්‍රියාත්මක ‘සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය’ යටතේ රුපියල් මිලියන 59.37ක වියදමකින් ඉදි කළ මඩොල්කැලේ ප්‍රාදේශීය රෝහලේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරලීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. රෝහල පාලනය වන්නේ මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේය. නව ගොඩනැගිල්ල තුළ බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, දන්ත සායනය, රසායනාගාර පහසුකම් හා ඖෂධ නිකුත් කිරීමේ කවුළුව ස්ථාපිත කොට ඇත. පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි මහතා කියා සිටියේ රෝහලේ පහසුකම් මෙසේ පුළුල් කිරීමට සමගාමීව අවශ්‍ය මානව සම්පත් ලබා දීමටද සිය අමාත්‍යාංශය ඉදිරියේදී පියවර ගන්නා බවය. විශේෂ ආරාධිතයකු වශයෙන් අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාගේ සම්බන්ධිකරණ ලේකම් බරත් අරුල්සාමි මහතා සහභාගී වී සිටියේය. පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය හා මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාද, පන්විල ප්‍රාදේශීය ලේකම් හා ප්‍රදේශයේ වතු අධිකාරිවරුන්ද , රෝහලේ වෛද්‍ය - හෙද ඇතුළු කාර්ය මණ්ඩලයද, ප්‍රදේශවාසීන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook