මාත‌ලේ අඩු ආදායම්ලාභී පවුල් 59659කට සහල්  බෙදාදීම ඇරඹේ.

මාත‌ලේ අඩු ආදායම්ලාභී පවුල් 59659කට සහල් බෙදාදීම ඇරඹේ.

මාත‌ලේ අඩු ආදායම්ලාභී පවුල් 59659කට සහල් බෙදාදීම ඇරඹේ. අඩු ආදායම්ලාභින්ට සහල් ලබාදීමේ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 59659ක් සදහා සහල් කිලෝ විස්ස බැගින් බෙදා දීම මේ දිනවල සිදු කෙරේ. මෙම වැඩසටහන යටතේ සහල් කිලෝ 10 බැගින් අදියර දෙකකදී සහල් කිල‌ෝ 20ක් ලබාදීමට නියමිත අතර එය අප්‍රේල් හා මැයි මාසවලදී ලබාදීමට අපේක්ෂිතය. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්බන්ධීකරණයෙන් සහල් බෙදා දීමේ කටයුතු සිදු කරනු ලබන අතර මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ම ආවරණය වන පරිදි සහල් බෙදා දීම සිදුකරනු ලබයි. ඒ යටතේ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 8683ක්, යටවත්ත 5755ක්, පල්ලේපොල 3817ක්, උකුවෙල 5600ක්, අඹන්ගග කෝරළේ 2834ක්, විල්ගමුව 6050ක් , ලග්ගල පල්ලේගම 2970ක්, නාවුල5050ක්, දඹුල්ල1600ක් , රත්තොට 10300ක් හා ගලේවෙල පවුල් 7000ක් වශයෙන් පවුල් 59659ක ප්‍රතිලාභින් 87832ක් සදහා සහල් බෙදා දීම ට නියමිතය. මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook