මධ්‍යම පළාත් මාර්ග අමාත්‍යාංශයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

මධ්‍යම පළාත් මාර්ග අමාත්‍යාංශයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

මධ්‍යම පළාත් මාර්ග අමාත්‍යාංශයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

පවතින රුධිර සංචිත අවමවීම හේතුවෙන් පැනනැගී ඇති රුධිර අවශ්‍යතාවය සපිරිමට දායකවීමේ අරමුණින් මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීණ.

පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ දායකත්වයෙන් පැවැත් වූ ලේ දන්දීමේ වැඩටහනට සමගාමීව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ දායකත්වයෙන් ඇස් හා පටක දන්දීමේ පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේ අවස්ථාව ද පරිත්‍යාගශීලීන් වෙත සලසා දී තිබිණ.

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මග පෙන්වීමෙන් සංවිධානය කළ මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යූ. ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook