රටේ අධ්‍යාපනය ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තීයක් අවශ්‍යයි. එය කාලෝචිත වූවක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල මූලික ඉලක්ක ය දරුවන් විය යුතුයි. ජාතික අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ මගින් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය ගුණාත්මකව ඉහළ දැමීම සිදු විය යුතු යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මෙලෙස පැවසූයේ ජාතික අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ යටතේ මධ්‍යම පළාත් මෙහෙම කමිටු ප්‍රථම රැස්වීම අද දින(24) ඒ මහතා ගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවේදිය.
පළාත් නවයම ඒකාබද්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අංග අතරින් මධ්‍යම පලාත ප්‍රමුඛ කරගත් ජාතික අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සැලසුම් හා ඊට අදාළ කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් කරන ලද අතර මූලිකාංග නමයක් යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.
රේඛීය අමාත්‍යාංශය මගින් පළාත් සභා සම්බන්ධයෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම, පළාත් මෙහෙයුම් කමිටු සංයුතිය හඳුන්වාදීම, �අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානයේ සංයුතිය පිළිබඳව පැහැදිලි කිරීම, පළාත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාධ්‍යස්ථානයේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම පළාත තුළ මේ යටතේ ගෙන ඇති පියවරයන් පිළිබඳ තොරතුරු දිර්ඝ ලෙස මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මධ්‍යම පළාත වෙනුවෙන් සකස් කරන ලද අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය එම කමිටුවේ අනුශාසක මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මහතාගේ එකඟත්වයෙන් පළාත් මෙහෙයුම් කමිටුවේ අනුමැතිය සහිතව එළඹෙන විසිනම වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමුකර දැනුවත් කිරීමට ද නියමිතය.
මෙම නව අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණයන් යටතේ මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන් හි අධ්‍යාපන සාධනය වෙනුවෙන් විශේෂිත අවධානය යොමුකර පළාත තුළ නව කලාප අධ්‍යාපන කාර්යාල හතරක් ස්ථාපිත කිරීමට ද යෝජිතය. ඒ අනුව මෙතෙක් පළාතේ පැවති කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 15 සිට 19ක් බවට පත්වේ.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ. ජී. එස්. නිශ්ශංක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරතන යන මහත්ම මහත්මීන් , සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.