හරිත පාසල් සංකල්පය පළාත පුරා ව්‍යාප්තියට විශේෂ ප්‍රකාශනයක්.
පළාත් පාසල් පද්ධතියේ අධ්‍යාපනික සංවර්ධනයට සමගාමිව අධ්‍යාත්මික , සාමජිය සහ නිර්මානාත්මක සංකල්ප ප්‍රවර්ධනය තුලින් වඩාත් සමාජශීලි ,සංවේදී සහ විශිෂ්ඨ දරු පිරිසක් සමාජ ගත කිරීමේ අරමුණෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස හදුන්වා දුන් හරිත පාසල් සංකල්පය පළාතේ සියලු පාසල් වෙත හදුන්වා දීමට මධ්‍යම පළාත් සභාව සැලසුම් කොට ඇත.
එම ව්‍යාපෘතියේ සියලු ක්‍රියාකාරකම් විවරණය කෙරෙන විශේෂ ප්‍රකාශනය සහ හරිත පෙර පාසැල පිළිබඳ විශේෂ පුහුණු මොඩියුලය නිල වශයෙන් පසුගියදා එළි දැක්විය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදේශකත්වයෙන් පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා විසින් සකස් කරන ලද මෙම ව්‍යාපෘතිය නියමු වැඩසටහනක් ලෙස මහනුවර නාගරික සිමාවේ තෝරා ගත් පාසල් 06 ක ක්‍රියාත්මක කරනු ලැබිය.
ඒ වෙනුවෙන් සැකසු ප්‍රකාශන පත්‍රය නිල වශයෙන් ආණ්ඩුකාර ගමගේ මහතා වෙත පිරිනැමිණි.
අනතුරුව වත්තේගම , හගුරන්කෙත සහ තෙල්දෙණිය කලාප වල මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම සංකේතවත් කෙරුණු අතර ඊට සමගාමී ව හරිත පෙර පාසැල පිළිබඳ විශේෂ පුහුණු මොඩියුලයක් ද සකස් කෙරෙනි . එම නියමු ව්‍යාපෘතිය සඳහා තෝරා ගත් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන වෙත ද හදුන්වා දීම මෙහිදී සිදු කෙරිණ.