“මුලික විමර්ශන පැවැත්වීම” පිළිබද පුහුණු වැඩසටහනක් !
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද “මුලික විමර්ශන පැවැත්වීම” පිළිබද පුහුණු වැඩසටහනක් ඉකුත්දා (29) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ දී පැවැත් වින.
රාජ්‍ය ආයතන මගින් සිදුකරනු ලබන විමර්ශන කාර්යයන් වඩා විධිමත්ව සිදුකිරීම සදහා නිලධාරින් පෙළගැස්වීම අරමුණුකරගෙන සංවිධානය වූ මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ මෙහෙයුම් මට්ටමේ නිලධාරින් සහභාගී විය.
මෙම වැඩසටහනේදී ආයතන සංග්‍රහයේ දෙවන පරිච්ජේදයේ 13 වන වගන්තිය ප්‍රකාරව එහි 47/48 වන පරිච්ජේදයන් හි ඇතුලත් විනය ක්‍රියාවලිය යටතේ මෙම මුලික විමර්ශන ක්‍රියාවලිය අර්ථ දක්වා ඇත. ඒ අනුව මුලික විමර්ශන කාර්යය සදහා වන නිමිත්ත , ගනු ලබන ක්‍රියාමාර්ග, පවතින න්‍යායාත්මක පසුබිම ,නීති රීති හා රෙගුලාසි, පරීක්ෂණය විධිමත්ව පැවැත්වීමට අදාළ සියලු කරුණු පිළිබදව දැනුම සහ පවතින ආකෘතිකමය පසුබිමත් , විමර්ශන නිලධාරියෙකුගේ වගකීම් සහගත බව මෙන්ම චෝදනා පත්‍රයක් නිකුත් කිරීම දක්වා වූ ක්‍රියාවලිය ඇතුලත්ව මුලික විමර්ශන සමස්ත ක්‍රියාවලිය පිළිබදව දැනුම ලබාදීම සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ විමර්ශන නිලධාරි මංජුල මල්ලවආරච්චි මහතා විසින් ලබාදෙන ලද අතර , මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරින.