‘AI for Transforming Public Service’ කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව පළාත් මට්ටමේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුව

‘AI for Transforming Public Service’ කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව පළාත් මට්ටමේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුව

‘AI for Transforming Public Service’ කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව පළාත් මට්ටමේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුව රාජ්‍ය සේවය ඵලදායි හා කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව මධ්‍යම පළාත් විධායක නිලධාරීන්දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා(26) පැවැත්වීය.‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සම්පත් දායකත්වයෙන් යුතුව මධ්‍යම පළාත් සභාව, මහනුවර මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි එක් ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම සහ සූදානම් කරවීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්ප ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජිතයින් ලෙස හර්ෂ පුරසිංහ මහතා සහ සමිස අබේසිංහ යන මහත්වරුන් එහිදී සම්පත් දායකත්වය දැක්වූහ.මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු මධ්‍යම පළාතේ විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook