දරුවන්ගේ පෝෂණය මෙන්ම අමතර ආදායමක් ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණු ඇතිව සංවිධානය කරන දැනුවත් කිරීමේ වැඩසටහනක්

දරුවන්ගේ පෝෂණය මෙන්ම අමතර ආදායමක් ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණු ඇතිව සංවිධානය කරන දැනුවත් කිරීමේ වැඩසටහනක්

මධ්‍යම පළාතේ අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් යන දරුවන් සත්ත්ව පාලනයට හා කෘෂි බෝග වගා කිරීමේ කටයුතු සඳහා උනන්දු කරවීම සහ එම දරුවන්ගේ පෝෂණය මෙන්ම අමතර ආදායමක් ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණු ඇතිව සංවිධානය කරන දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා උකුවෙල ප්‍රාදේශීය ලේකම් කර්යාලයේදි පැවැත් විය.

මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ යු.බි.හේරත් මහතාගේ උපදෙස් මත සංවිධානය කරනු ලබන මෙම ව්‍යාපෘතියේ දෙවන දැනුවත් කිරීමේ වැඩසටහන මෙය වන අතර උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලා ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන සදහා අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් යන දරුවන් 50ක් සහ එම දරුවන්ගේ දෙමව්පියන් සහභාගි විය. මෙම වැඩසටහනේ දී කුකුල් පැටවුන් පන්සියයක් සහ පොල් පැළ බෙදා දීමට නියමිත අතර අදාළ ව්‍යාපෘතිය සඳහා පූර්ණ අනුග්‍රහකත්වය කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය විසින් ලබාදීම සිදු කෙරේ.

මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ උකුවෙල ප්‍රාදේශීය පශු වෛද්‍ය වරයාගේ සම්පත් දායකත්වයෙන් හා උකුවෙල ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා එම කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook