ආදායම් කළමනාකරණය පිළිබඳව මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන් හී සේවයේ නියුතු විෂය භාර නිළධාරින් සහ නවක ලේකම්වරුන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක්.
පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, පළාත් පාලන ආයතනවල නෛතික පසුබිම, මුල්‍ය ප්‍රභවයන් හදුනා ගැනීම, ආදායම් පැනවීම , නීතිමය තත්ත්වයන් සහ ආදායම් අයකර ගැනීම පිළිබඳ දැනුම හා අවබෝධය ලබාදීමේ අරමුණ ඇතිව සංවිධානය කරන ලද ආදායම් කළමනාකරණය පිළිබඳව මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන් හී සේවයේ නියුතු විෂය භාර නිළධාරින් සහ නවක ලේකම්වරුන් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් , ඉකුත් (06) වනදා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.
මෙහි සම්පත්දායකත්වය, පළාත් පාලන සහකාර කොමසාරිස් සුනිල් හේරත් මහතා විසින් ලබාදෙන ලදී.