“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්.
වර්තමානයේ ලොව පවතින ප්‍රබල බලශක්ති අර්බුදය හමුවේ ආර්ථික වශයෙන් ගැටළුකාරී අවස්ථාවකට මුහුණ දී ඇති ශ්‍රී ලංකාව ඉතාමත් ප්‍රබල ලෙස බලශක්ති අර්බුදයට මුහුණ පා ඇත. එබැවින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවිඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මැතිතුමාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩමුළුවක් 2022-11-23 දින අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි පැවැත්විණ.
අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ( සැලසුම් ) ජේ. ඒ. ඩබ්. එන්. ජයසුරිය මහත්මියගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී සුනිල් ශාන්ත ගමගේ මහතාගේ සහ තිළිණ මධුසංඛ මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.