ජනහිතකාමී රාජ්‍ය සේවයක් ගොඩනැගීම වෙනුවෙන් සහ ජීවිතය අර්ථවත්ව ගත කිරීමට සෞන්දර්යයේ බලපෑම සහගත බව ඒකාබද්ධ කරමින් මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින් සඳහා සංවිධානය කරන ලද රසවින්දනය තුළින් ආකල්ප සංවර්ධන වැඩසටහනක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින(02) මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත්විය.
ජීවිතය අර්ථවත්ව ගත කිරීම සඳහා සෞන්දර්යයේ බලපෑම, අභියෝග ජයගැනීම සඳහා පෙළඹවීම, සංවිධානාත්මක කාර්යයන් සඳහා ඉන් වන බලපෑම් සහගත බව හා අරුත්බරව ජීවිතේ ගොඩ නංවා ගැනීම වෙනුවෙන් ගීතය , කවිය හා කලා අංගයන් උපයෝගී කර ගනිමින් සංවිධානය වී පැවති මෙම වැඩමුළු සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ මෙහෙයුම් මට්ටමේ නිලධාරීන් සහභාගී වූහ.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම වැඩ සටහනේ සම්පත් දායකත්වය මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංස්කෘතික නිලධාරීන් වන කමල් මාරසිංහ සහ රණවීර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු කලාකාමී පිරිසකගේ දායකත්වයෙන් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසූරිය, කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිළිණි දෙහිගොල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.