
මහනුවර නගරය හා චිනයේ බීජෙයි (Bijie) නගර සහෝදරත්වයෙන් බැදෙයි.
මහනුවර නගරය හා චිනයේ බීජෙයි (Bijie) නගර සහෝදරත්වයෙන් බැදෙයි.
මහනුවර නගරය හා චීනයේ බීජෙයි නගරය අතර“ සහෝදර නගර ගිවිසුම “අත්සන් කිරිම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා සහ බීජෙයි නගරාධිපති වුලි ඩොන්ග්ලායි මහතා (Wuli Donglai) අතර චීනයේ ගුයියැන්ග් නගරයේදී පසුගිය 9වැනි දින පැවති සහෝදරත්ව නගර සමුළුවේදී සිදු කෙරුණි.
මෙමගින් නගර දෙක අතර ආර්ථික, සමාජීය, සංස්කෘතික හා වෙළද හා සංචාරක ප්‍රවර්ධනය සදහා අවශ්‍ය සම්බන්ධතා වැඩිදියුණු කෙරෙන අතර අධ්‍යාපන ශිෂ්‍ය හුවමාරු හා ශිෂ්‍යත්ව වැඩසටහන් සදහා අවස්ථාව හා අනෙකුත් අවස්ථා උදා කිරීම තුලින් නගරයේ හා මධ්‍යම පළාතේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ අත්කර කරදීම සදහා අවශ්‍ය කටයුතු සදහා මෙමගින් ඉඩ කඩ සැකසෙනු ඇත.
2010 වසරවන විට චීනය තුල ආර්ථික වේගය අවම පළාතක් ලෙසින් හදුනාගත් ගුයිෂෝ (Guizho) පළාත මේ වනවිට එහි ආර්ථික වර්ධන වේගය වැඩිම පළාතක් ලෙස සංවර්ධනය වීම සුවිශේෂී කරුණක් වන අතර මාර්ග අපහසුතා වලින් හුදෙකලාව පැවති නගරයක් වූ අතර අද වන විට මෙම පළාත මේවන විට ගමනාගමනයේ මධ්‍යස්ථානය ලෙස සංවර්ධනය වි ඇති අතර අනෙකුත් රටවල් වල සම්බන්ධතා ප්‍රයෝජනයට ගැනීම තුලින් මහත් සංවර්ධනයකට හිමිකම් කියයි.
චිනයේ බීජෙයි නගරය මහනුවර නගර මෙන් ඉහළ කදුකර ප්‍රදේශයක් වන අතර එහි සංස්කෘතික සහ ආර්ථික වටිනාකම් හදුනාගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරිමට අවශ්‍ය කටයුතු සිදු කිරිම හා මහනුවර නගරය කේන්ද්‍ර කරගෙන ඉදිරියේදි සුවිශේෂි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට මේ ගිවිසුම තුළින් හැකිවන බවද මෙහිදි අනාවරණය විය.
මෙම අවස්ථාවට සහෝදරත්ව නගර සමුළුව නියෝජනය කල විදෙස් රටවල් 20කට වැඩි ප්‍රමාණයක නියෝජතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.