Biz Spark 2025 මහනුවර දී
Biz Spark 2025 මහනුවර දී
මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන්ගේ හමුවක් (Biz Spark 2025) මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පසුගියදා (31) දින පැවැත්විණී.මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් නව වෙළෙඳපල අවස්ථා නිර්මාණය කිරීම සහ පවතින වෙළෙඳපල අවස්ථා වැඩිදියුණු කිරීම උදෙසා මෙම වැඩසටහන සංවිධානය කෙරිණී.ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතන සමග මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් 150 අධික පිරිසක් සම්බන්ධකර ඔවුන්ගේ නිෂ්පාදන ගැණුම්කරුවන්, විකුණුම්කරුවන්, බැංකු ඇතුලු ආයතන 50 ක් වෙත හඳුන්වා දීම නිෂ්පාදන සඳහා ඇණවුම් ලබා දීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පැවැත්විණී.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයශ්‍රීනී අමරකෝන් මහත්මිය, ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන්, ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් ඇතුලු පිරිසක් එක්වූහ.
