Biz Spark 2026 මෙවරත්
Biz Spark 2026 මෙවරත්
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමෙන්තුව විසින් සංවිධානය කරන ලද මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන්ගේ හමුව (Biz Spark 2026) මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර, පේරාදෙණිය, ඕක්රේ හෝටලයේදී පසුගියදා (31) පැවත්විණි.
මෙම වැඩසටහන මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් නව වෙළෙඳපල අවස්ථා නිර්මාණය කිරීම සහ පවතින වෙළෙඳපල අවස්ථා වැඩිදියුණු කිරීම උදෙසා වාර්ෂිකව සංවිධානය කරයි.මෙහිදි ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතන වෙත මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් පිරිසක් සම්බන්ධකරගෙන ඔවුනගේ නිෂ්පාදන ගැණුම්කරුවන් හට හඳුන්වා දීම, නිෂ්පාදන සඳහා ඇණවුම් ලබා දීම සිදු කෙරේ.මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතා ඇතුලු දෙපාර්තමේන්තු නිලධාරින්, මධ්‍යම පළාතේ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන්, ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් පිරිසක් සහභාගී විය.
