පළාතේ දහම් පාසල් පුස්තකාල වෙත පොත් කට්ටල පිරිනැමේ
පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් හඳුනා ගත් දහම් පාසල් පුස්තකාල වෙත වටිනා පොත් කට්ටල බෙදා දෙයි. පසුගියදා (06) පල්ලේකැලේ මධ්‍යම පළාත් ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනකදී මෙම කාර්යය සිදු කෙරිණි.
මෙය සංවිධානය කොට තිබුණේ ආණ්ඩුකාර ගමගේ මහතා එම ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිති කොට ගෙන ය.