“ඉසුරුබර හෙටක් ආශ්චර්‍යමත් රටක් ගොඩනගන්නට සභාපති ජංගම සේවය සලසයි ගමට සේවය"
මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ගේ සංකල්පයක් අනුව"ප්‍රාදේශීය සංවර්ධනයක් උදෙසා" යන තේමාව පෙරදැරිකර ගනිමින්, සෑම මසකම පැවැත් වෙන "සභාපති ජංගම සේවය" පසුගියදා කෝට්ටගොඩ ඉඹුලන්දණ්ඩ ධර්මකීර්තියාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.
මෙම සත්කාර්ය සාර්ථක කර ගැනීම සදහා මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීමණ්ඩලය,කාර්ය මණ්ඩලය,මාතලේ පලාත් පාලන සහකාර කොමසාරිස් කර්‍යාලය,මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය, ,පශු වෛද්‍යතුමා ඇතුළු කාර්ය මණ්ඩලය,ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,දිසා වන හා අඩවි වන කාර්‍යාලය, ගොවිජන සේවා කාර්යාලය,පලාපත්වල ආයුර්වේද මධ්‍යස්ථානය,පලාපත්වල මහජන පුස්තකාලය ආදී රාජ්‍ය ආයතන රාශියක් එකාබද්ධව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.