
ජාතික පුස්තකාලය මගින් මහජන පුස්තකාල සදහා ක්‍රියාත්මක Code club Sri Lanka වැඩසටහන
ජාතික පුස්තකාලය මගින් මහජන පුස්තකාල සදහා ක්‍රියාත්මක Code club sri lanka වැඩසටහනට ගලේවෙල මහජන පුස්තකාලය ද එක් කෙරේ .
ඒ අනුව ගලේවෙල මහජන පුස්තකාලය හා ඉ-නැන පියස ආයතනය ඒකාබද්ධව මෙම වැඩසටහන ගලේවෙල ප්‍රාදේශීය සභාවේ පුර්ණ සහයෝගය ඇතිව පසුගියදා (09) දින සිට ආරම්භ කෙරෙණි . මෙමගින් නව තාක්ෂණික දැනුම සිසුන් ට ලබා දීම අපේක්ෂා කෙරෙන අතර STEMUP අධ්‍යාපන ආයතනය (එම ආයතනය ට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුන් ) පාඨමාලාව මෙහෙයවනු ලබයි. එයට අනුග්‍රාහකත්වය ලබා දෙනුයේ SLT Mobitel, Raspberry pi යන ආයතනයි . මසකට වරක් නොමිලේ සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන අතර මාස 12ක් අවසානයේ දී පිළිගත් සහතිකයක් පිරිනමේ coding, programing,web development යන වැඩසටහන් සදහා ඉදිරියේදි සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ.