රාජ්‍ය නිලධාරීන්ගේ පරිගණක හැකියාවන් වර්ධනය කෙරේ!

රාජ්‍ය නිලධාරීන්ගේ පරිගණක හැකියාවන් වර්ධනය කරමින් නව දැනුමින් සන්නද්ධ කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයෙන් පරිගණක පාඨමාලාවන් රැසක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ උපදෙස් මත රාජ්‍ය ආයතනයන්හි සේවාවන් විධිමත්ව හා කාර්යක්ෂමව ඉටුකරමින් ආයතනයන්හි කාර්යයඵල ඉහළ දැමීමේ අපේක්ෂාවෙන් මෙම වැඩසටහන් සංවිධානය කෙරේ.
මිට සමගාමිව මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ මෙහෙයුම් මට්ටමේ නිලධාරින් සදහා සංවිධානය කරන ලද පරිගණක පුහුණු වැඩසටහන් දෙකක් අද දින (08) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතන පරිගණක ඒකකයේ දී පවත්වන ලදී. මෙහිදී වදන් සැකසුම්(Word), පැතුරුම්පත්(Excel), හා මේල් මෙජ්(Mail Merge) යන මෘදුකාංග භාවිතය පිළිබදව දැනුම ලබාදීම හා ප්‍රායෝගික පුහුණුවීම් ලබාදීම සිදුකරන ලදී.
නවක සම්පත්දායකයින් හට අවස්ථාවන් ලබාදෙමින් පවතින රාජ්‍ය මුල්‍ය අර්බුදයන් හමුවේ අඛණ්ඩව පුහුණු වැඩසටහන් සංවිධානය කරනුයේ සම්පත්දායක දීමනා , ආහාර පාන හා ලිපිද්‍රව්‍ය ලබාදීමකින් තොරව වීම විශේෂත්වයකි. මෙම පුහුණු වැඩසටහනේ සම්පත්දයකත්වය මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරි සුරංග ගුණසේකර හා කළමනාකරණ සේවා නිලධාරි ගයාන් කෝරළේගෙදර යන මහත්වරුන් විසින් ලබාදෙන ලද අතර, මෙම අවස්ථාව සදහා කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ පුහුණු අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගී විය.

.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook