computer-training-program-organized-to-develop-computer-skills-of-central-provincial-government-officials

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ පරිගණක හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පරිගණක පුහුණු වැඩසටහනක්

මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ පරිගණක හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පරිගණක පුහුණු වැඩසටහනක් (Excel) අද දින (25) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක පරිගණකාගාරයේදී පැවැත් විය. නිලධාරීන්ගේ කුසලතා වර්ධනය කරමින් කාලීනව අවශ්‍ය දැනුම ලබාදෙමින් කාර්යයක්ෂම ආයතන පද්ධතියක් ගොඩනැගීම අරමුණු කරගෙන සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා පළාත් රාජ්‍ය සේවයේ මෙහෙයුම් මට්ටමේ නිලධාරින් සහභාගී වූ අතර වැඩසටහනේ සම්පත්දායකත්ව ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරි ප්‍රියන්ත ඉද්දමල්ගොඩ මහතා විසින් ලබාදෙන ලදී. මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මිගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන් සංවිධානය කෙරේ.    

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook