කැටවල -ලෙව්ල ට කෝප් සිටියක්.
ග්‍රාමීය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සදහා කැපවූ සමුපකාරය නවීකරණය වූ සියලු පාරිභෝගික අවශ්‍යතා සපුරාලන වෙළද ජාලයක් බවට පත් කිරීම සදහා ක්‍රියාත්මක CEP- CO ව්‍යාපෘතියේ තවත් කෝප් සිටි වෙළද සැලක් අම්පිටිය කැටවල ලෙව්ල ප්‍රදේශයේ දී පාරිභෝගිකයන් සතු කරනු ලැබිය.
මහනුවර - තලාතුඔය ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ටකරන් සහිත කුඩා ගොඩනැගිල්ල ක තලාතුඔය - මාරස්සන විවිධ සේවා සමුපකාරය මගින් පවත්වා ගෙන යනු ලැබූ ප්‍රාදේශිකය වෙනුවට අලුතෙන් ඉදිකළ ගොඩනැගිල්ලක ආරම්භ කරන ලද නව කෝප් සිටි වෙළද සැල පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සුරතින් පාරිභෝගික අයිතියට පවරා දෙනු ලැබිය.
පළාත් ආණ්ඩුකාරවරයා අතින් පළමු ගනුදෙනුව සිදු කෙරුණු අතර , මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකෙම් ඇන්ටන් තිලකරත්න, පළාත් සමුපකාර ලේකම් උපාලි රණවක, සමුපකාර කොමසාරිස් අමිල නවරත්න යන මහත්වරුන් ඈතුලු ආරාධිත පිරිසක් එක්විය.