අභියෝග ජය ගැනීමට සැවොම එක්විය යුතුයි

අභියෝග ජය ගැනීමට සැවොම එක්විය යුතුයි

අභියෝග ජය ගැනීමට සැවොම එක්විය යුතුයි.

 

දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් අප බොහෝ දෑ  කළ යුතු බවද, එහෙත් එහිදී ප්‍රශ්න ගණනාවකටම මුහුණ දීමට සිදුවන බවද, ඒ සඳහා අනෙකාට ඇඟිලි දිගු නො කරමින් අප සැවොම එකාවන්ව පෙළ ගැසී විසඳුම් සපයා ගත යුතු බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. ‘තමාට පෙර රට’ යන ආදර්ශ පාඨයට අනුව ක්‍රියා කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේ ය. තමා පසුගිය තෙවසර තුළ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරය දරමින් උත්සුක වූයේ මේ පිළිවෙත් මත පිහිටා කටයුතු කිරීම බවද  ඔහු කියා සිටියේ අනපේක්ෂිතව උද්ගත වූ කොවිඩ් වෛරස බලපෑම ජය ගැනීමටත්, වර්තමාන ආර්ථික අර්බුදය ජය ගැනීමටත් ඉන් මනා පිටිවහලක් සැපයුණු බව අවධාරණය කරමිනි.

 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මේ අදහස් පළ  කළේ ඔහු මධ්‍යම පළාත්   ආණ්ඩුකාර ධුරයට පත්ව  තෙවසරක් සපිරීම හා සිව්වැනි වසරට පා තැබීම විෂය කොට ගෙන පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ඉකුත්  (06) වනදා  සංවිධානය කර තිබූ  විශේෂ වැඩසටහනකට ප්‍රධාන ආරාධිතයා  ලෙස සහභාගී වෙමිනි.

 

ගෙවුණු තෙවසර තුළදී මතුවූ නොයෙකුත් අභියෝග හමුවේ මධ්‍යම පළාතේ සංවර්ධන කටයුතු සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි පවත්වා ගෙන යාමට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු  සියලු ජ්‍යෙෂ්ඨ  හා කනිෂ්ට රාජ්‍ය නිලධාරීන් වෙතින් ලැබුණු සහයද ඔහු මෙහිදී ගෞරවයෙන් සිහිපත්  කළේ ය.

 

වැඩසටහන රස ගැන්වුයේ මහනුවර රිසි කලා සෞන්දර්ය විදුහලේ නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ නර්තනාංගයකිනි.  ආණ්ඩුකාර ගමගේ  මහතා ගෙවුණු වසර තුළ ඉටු කළ කාර්යභාරය විමසා බැලූ වීඩියෝ රූප පෙළක් ඉදිරිපත් කළේ  පළාත් මාධ්‍ය ඒකකය යි.

පළාතේ දෙපාර්තමේන්තු හා ඒකක කිහිපයක් විසින් පවත්වන ලද වෘත්තීය පුහුණු පාඨමාලා සම්පූර්ණ කළ පිරිස් වෙත අදාළ සහතික පත් පිරිනැමීමටද පියවර ගෙන තිබිණි.

 

ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිලධාරී  එස්.බී. රත්නායක මහතාද, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ඇතුළු පළාත් අමාත්‍යාංශ ලේකම්වරු හා පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුද, පළාත් සභා දෙපාර්තමේන්තු ප්‍රධානීහුද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook