වලපනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආහාර සුරක්ෂිතතා වැඩ සටහන යටතේ සිදුවන ගෙවතු වගා වැඩසටහන් අධීක්ෂණ කිරිම ප්රාදේශීය ලේකම් ශාලිකා ලිදකුබුර මහත්මියගේ ප්රධානත්වයෙන් ආරම්භ කර තිබේ.ඒ අනුව නිල්දන්ඩාහින්න සහ ගොරඬියගොල්ල වසම් කේන්ද්ර කරගනිමින් අධීක්ෂණය කටයුතු පසු ගිය දා සිදුවිය.මෙහිදී මුලින්ම අදාල වැඩ සටහනට සම්බන්ධවන නිලධාරීන් සමග වැඩ සටහනෙ ප්රගතිය පිලිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.
ඉන් අනතුරුව ගෙවතු වගා නිරික්ෂණය කිරීම සිදු විය.
පැවැති ආර්ථික අර්බුදය හමුවේ නුවරඑළිය දිස්ත්රික්කයේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් දිස්ත්රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මග පෙන්වීම මත මෙම ගෙවතු වගා වැඩසටහන ආරම්භ කල අතර අද වන විට එය සාර්ථකව සිදු වේ.මෙම අවස්ථාවට වලපනේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.
දිස්ත්රික් මාධ්ය ඒකකය - නුවරඑළිය