.මාතලේ , ඩොලේ වත්තේ කොන්ක්‍රීට් පලතුරු උයන.

මාතලේ , ඩොලේ වත්තේ කොන්ක්‍රීට් පලතුරු උයන. මාතලේ ඩොලේ විදියේ අංක 54 a දරණ නිවෙස් හිමියා නමින් උනයිස් මොහොමඩ් ආරිෆ් ය. ඔහු මධ්‍යම පළාතේ මුස්ලිම් අධ්‍යාපනය සම්බන්ධ වගකීම දරණ නිලදරුවා වේ. තනතුරු නාමයෙන් හදුන්වන්නේ වන්නේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (මුස්ලිම් පාසල්) ලෙසය . මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාට මේ ගෙහිමියාගෙන් ආරාධනාවක් ලැබිණි. එය රාජකාරිමය එකක් නොව පෞද්ගලික එකකි . ඒ තම නිවසේ තමා විසින් වගා කොට නඩත්තු කර පවත්වා ගෙන යනු ලබන ඉතා ඉහල වානිජමය වටිනාකමකින් සහ අති දුර්ලභ වූ පළතුරු වගාව දැක ගැනුමට පැමිණෙන ලෙසයි. ඒ ආරාධනාව පිලිගත් පළාත් ආණ්ඩුකාරවරයා පසු ගිය දිනෙක මේ ගෙවත්ත නැරඹීමට ගියේ උදැසන සිට ගලේවෙල අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයකම පැවති උත්සව අවස්ථාවන් ට සහභාගී වී නැවත නුවර බලා එන අතර තුරය . ඉතා කුඩා බිම් කොටසක තවමත් ඉදිකිරීම් නිම කොට නැති තෙමහල් නිවසක උඩු මහලේ කොන්ක්‍රීට් වහල මත විවෘත භූමියක පවත්වා ගෙන යන උනයිස් මහතා ගේ වගාව දැකගත යුතුම එකකි. එහි දෙස් ඉතා දුර්ලභ විදෙස් පලතුරු වර්ග දෙසියයකට වැඩි ගණනක්, ඌන භාවිත පලතුරු සහ රසකාරක වර්ග ගණනාවකින් සමන්විත වර්ග 300 කට ආසන්න ප්‍රමාණයකින් පොහොසත් බිමකි. මේ සියල්ල වැඩි දියුණු කල දෙමුහුන් ක්‍රමයක ට සකස් කොට ඇත. ඒවා රෝපණය සදහා භාවිතා කොට ඇත්තේ අවමය ලීටර 20 සහ උපරිමය ලීටර 30ක ධාරිතාවයක් සහිත ප්ලාස්ටික් බදුන් වේ. ඉතා ඉහල ඵලදාවක් ලබා ගනී. එක ශාකයක වර්ග කිහිපයක් බද්ධ කොට තිබීම ද විශේෂත්වයකි. ඒවා ඕනෑම කාලගුණික සහ දේශගුණික වෙනස් වීම වලට ඔරොත්තු දිය හැකි වන පරිදි අනුවර්තනය වී ඇත. උද්භිත විද්‍යාව හදාරන විවිධ විද්‍යාර්ථින් , පාසල් දරුවන් , පරිසර ගවේෂකයන් මෙම වගාව පිළිබද තොරතුරු අධ්‍යයනය පැමිණේ. පරිසර හිතකාමීයෙක් මෙන් ම ගවේශකයෙකු ද වන උනයිස් මහතා උදේ සවස වගාවට සාත්තු කරයි. සිය විවේකය මේ පරිසරයේ ගත කරයි. ඉන් ලබන තෘප්තිය සිය ජිවිතයේ සාර්ථකත්වයට හේතු පාදක වන බව ට විශ්වාස කරයි. වගාවට 80% ක් ම භාවිතයට ගනු ලබන්නේ කාබණික පොහොර වේ. විවිධ පේර, වෙරළු, අඹ, දෙළුම් , විචිත්‍ර පත්‍ර දොඩම් ,උගුරැස්ස , සැපදිල්ලා, ගඩුගුඩා, ලොවි , ගල් සියඹලා ඇතුළු සැම පළතුරක් ම මේ බිමේ දී දැකගත හැකිවේ. විශේෂ කෙසල් වර්ග, ඩ්‍රැගන් පෘට් වර්ග, මසං වර්ග, මාදං වර්ග, දෙළුම් වර්ග, ෆිග් (අත්තික්කා) වර්ග ගණනාවකි. ඒවා දේශීය මෙන්ම තායිලන්ත/ බැංකොක්, ඉන්දීය , පකිස්තාන් , තූර්කිය, බ්‍රසීලය ඇතුළු විවිධ රටවල විශේෂයන් හා බද්ධ කොට සංවර්ධනය කල විශේෂ වේ. කොන්ක්‍රීට් වහල මත වසර 10 ක පමණ කාලයක් පවත්වා ගෙන යන මෙම වගාවෙන් ආදායමක් අපේක්ෂා නොකරන ඔහු නිවෙසියන් ට වස විසෙන් තොර නැවුම් පලතුරු ආහාරයට ලබා දීම තුලින් නිරෝගිමත් ව ජීවත් කරවීම අපේක්ෂාවයි. තම විවේකය වගා කටයුතු සමග ගෙවීමෙන් සහ එහි ඵලදාව ලැබීමෙන් තමා ලබන්නේ අධ්‍යාත්මික සතුටක් බවත් , පවුලේ සියලු දෙනා ලබා දෙන්නේ මහගු සහයක් බවත් උනයිස් මහතා පවසන්නේ මහත් ආඩම්බරයෙනි .

ගලගෙදර පෙර පාසැල මගින් සංවිධානය කරන ලද රාත්‍රී කදවුරක්.

තුන්පනේ ප්‍රාදේශීය සභාවේ ගලගෙදර පෙර පාසැල මගින් සංවිධානය කරන ලද රාත්‍රී කදවුරක් පසුගියදා ගලගෙදර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

කඩුගන්නාව නගර සභාව මගින් සංවිධානය කරන පෙරපාසල් දරුවන් හා දෙමාපියන් කාලින ගැටළු පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

කඩුගන්නාව නගර සභාව මගින් සංවිධානය කරන ලද බල ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් හා දෙමාපියන් කාලින ගැටළු පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කඩුගන්නාව සිතුමිණ පෙර පාසලේදී පවත්වන ලදී. මෙහිදී ආහාර සුරක්ෂිත තාවය හා පෝෂණය, කසළ කළමනාකරණය පිලිබද පෙර පාසල් ලමුන් හා දෙමාපියන් දැනුවත් කිරීම සිදුකරන ලද අතර , මෙහිදී දරුවන්ගේ වර්ධනය මැන බැලීම, පෝෂණීය ආහාර වේලක් ලබා දීම ද සිදු කරන ලදී..

අලුත්වත්ත කසල අංගනයේ නිෂ්පාදිත කොම්පෝස්ට් පොහොර අලෙවිය සහ ප්‍රචාරනය කිරීමේ වැඩසටහනක්

කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව මගින් අලුත්වත්ත කසල අංගනයේ නිෂ්පාදිත කොම්පෝස්ට් පොහොර අලෙවිය සහ ප්‍රචාරනය කිරීමේ වැඩසටහනක් අමුණුගම හා පොල්ගොල්ල ප්‍රදේශයන්හිදී සංවිධානය කෙරිණි.

හුළුගඟ ආයුර්වේදය සහ සතිපොල භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

පන්විල ප්‍රාදේශීය සභාව මගින් හුළුගඟ ආයුර්වේදය සහ සතිපොල භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කෙරිණි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook