නුවරඑලිය දිස්ත්‍රික්කයේ යෝග්‍යතා සහතික කිරීමේ මධ්‍යස්ථානයට මුල්ගල තැබේ.
මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතාගේ සංකල්පයකට හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් ම්ධුපානි පියසේන මහත්මියගේ මගපෙන්වීමෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා වාහන යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ සුරතින් පසුගිය 28 වන දින මුලගල් තැබීම සිදුවිණ.
මිට සමගාමිව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් ග්‍රාම නිලධාරීගේ නිර්දේශ මත වියලි ආහාර බෙදාදීමක්ද අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමක්ද සිදු විය. මෙම අවස්ථාව සඳහා නුවරඑළිය නගරාධිපති ඇතුලු පිරිසක් ඊට සහභාගී විය.